2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී එයට මූලිකත්වය ලබා දෙමින් විභාග කටයුතු සඳහා ශාලා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව මත ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික විදුහල් වසා තැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ලිපියට සමගාමීව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ පෙරපාසල් දිගු කාලයක් වසා තැබීමට සිදු වූ බැවින් වර්තමානයේ හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු අතර 2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසැල් වසා නොතබන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූල දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් පෙර පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.