News Line| Off Air
Generic placeholder image

Feb
3

වැසි රහිත කාලගුණයක්

459 Views


වැසි රහිත කාලගුණයක්

ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 24 ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඊට අමතරව දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.g


News Articles
Latest Videos
Most Popular Post