අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වේ.
අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව විභාගය ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
විභාග මධ්‍යස්ථාන 2,438කදී සිසුන් 345,242දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.