ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(09) පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට , රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා , වහටියාගම , දැලතුර , කටුනායක , සීදුව , උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට , කටුනායක ගුවන් හමුදා කඳවුර , කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.