News Line| Off Air
Generic placeholder image

Feb
11

අපේ සිංහයින්ගේ කැන්ගරු දඩයම අද සිට

652 Views


අපේ සිංහයින්ගේ කැන්ගරු දඩයම අද සිට

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

දසුන් ශානක කණ්ඩායමේ නායකයා වන අතර උප නායක ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් නොවීම හේතුවෙන් චරිත් අකලංකට එම තනතුර පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාළිංගයි.

කණ්ඩායම් දෙක අතර දෙවන තරගය ලබන ඉරිදා සිඩ්නි හිදී ම පැවැත්වීමට නියමිතයි.

3 වන තරගය ලබන 15 වැනිදා මනුකා ඕවල් ක්‍රිඩාංගනයේදිී ද, සිව්වන හා පස්වන අතර පිළිවෙලින් ලබන 18 වැනිදා සහ 20 වැනිදා මෙල්බර්න් ක්‍රිඩාංගනයේදී ද පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු ශ්‍රී ලංකා වේලාවෙන් 1.40ට ආරම්භ වන මේ තරගය ‘සියත’ රූපවාහිනි නාළිකාව ඔස්සේ සජීවිව විකාශය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post