News Line| Off Air
Generic placeholder image

Feb
15

ගංගාරාම නවම් පෙරහැර වීථි සංචාරය අද සහ හෙට

903 Views


ගංගාරාම නවම් පෙරහැර වීථි සංචාරය අද සහ හෙට

අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.

ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති පෙරහරක්.

අලි ඇතුන් 15 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් ඇතුලත්ව වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට (16) මංගල හස්ති රාජයා මස්තකයේ සධාතුක කරඬුව තැන්පත් කිරීමට නියමිතයි.

පෙරහර ජිනරතන පාර, හුනුපිටිය වැව පාර, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක පාර, සර් ජේම්ස් පීරිස් මාවත හරහා පැමිණ නවලෝක රෝහල අසලින් හැරී මුත්තයියා පාර, ජිනරතන පාර හරහා ගංගාරාම විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post