News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

ලෝක බලවතුන් පුටින්ගේ හිතුවක්කාරී වැඩපිළිවෙල හෙලා දකී

306 Views


ලෝක බලවතුන් පුටින්ගේ හිතුවක්කාරී වැඩපිළිවෙල හෙලා දකී

රුසියානු යුක්රේන අර්බුදය ගතවන හැම තප්පරයකම ලෝකයට උණුසුම් පුවත් මවමින් තිබෙනවා.

ඊයේ දින රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ දෙකක ස්වාධීනත්වය පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

එම ප්‍රදේශ දෙක වනුයේ නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙකයි.

රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින්ගේ මෙම ප්‍රකාශයත් සමඟ බටහිර රටවල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වුණා.

බොහෝ ලෝක බලවතුන් පුටින්ගේ හිතුවක්කාරී වැඩපිළිවෙල දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

ඊයේ දින ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙකට පුටින් සිය සාම සාධක හමුදාව යවා තිබුණා.

මේ වන විට රුසියානු සෙබලුන් දෙදහසක් පමණ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙකට ඇතුළු වී අවසන්.

පුටින් සැරසෙන්නේ යුක්රේන ආක්‍රමණයකටයි එය දැන් පැහැදිළියි. පුටින් අද දින එරට පාර්ලිමේන්තුවෙන් විශේෂ අවසරයක් ඉල්ලා තිබෙනවා.

රුසියානු භූමියෙන් පිටත දී සිය හමුදාවක් භාවිත කරන්න ඉඩ දෙන ලෙස පුටින් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම් කර තිබෙනවා.

පුටින් එලෙස පාර්ලිමේන්තු අවසරය ඉල්ලන්නේ යුක්රේනය සම්පුර්ණයෙන් ම ආක්‍රමණය කිරීමේ අරමුණෙන් බවයි ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

යුක්රේන ආක්‍රමණයකට නොයන ලෙස අමෙරිකාව ඇතුළු බටහිර රටවල් කොතරම් ප්‍රකාශ කළත් පුටින් එය නොසලකා තිබෙනවා.

මෙම අත්තනෝමතික තීරණයට විරුද්ධව මේ වන විට ලොව ප්‍රමුඛ රටවල් රැසකින් රුසියාවට සම්භාදක පැනවීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස ජර්මනිය රුසියාව සමඟ ගිවිසුම් ගත වීමට තිබූ Nord Stream 2 ගෑස් නළ මාර්ග ගිවිසුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් රුසියානු බැංකු පහකට සම්භාදක පනවා තිබෙනවා. එසේම රුසියානු බිලියනපති තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් සම්භාදක පැනවීමට තීරණය කර අවසන්.

ස්කොට් මොරිසන් පවසන්නේ ඉදිරි පැය 24 තුළ බොහෝ විට රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ යුක්රේනයේ සිටින ඕනෑම පුරවැසියෙකුට සිය රට වෙත ඒමට වීසා අයදුම්පත් කඩිනමින් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ජපානය ද මේ වන විට රුසියාවට සම්භාදක පනවා අවසන්. ඒ අනුව ජපානයේ රුසියානු බැදුම්කර නිකුත් කිරීම් තහනම් කර තිබෙනවා. එසේම රුසියානු පුද්ගලයින් ගණනාවකට වීසා තහනම් කිරීමට ද එරට අගමැති තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් රුසියානු ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post