News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

381 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (24) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කාණ්ඩ තුනෙහි උදෑසන කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කප්පාදු කෙරෙනවා.

ඉතිරි කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර එයත් උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකට විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post