News Line| Off Air
Generic placeholder image

Feb
25

කොළඹ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක්

717 Views


කොළඹ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන, ඩෙංගු වලින් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් 2022 පෙබරවාරි 27 දින විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබාගනිමින් දහම් පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු දායක දායිකාවන්ගේ සහභාගීත්වය ද ඇතිව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ද අත්වැල් බැදගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන තුළ සක්‍රීයව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි.


News Articles
Latest Videos
Most Popular Post