News Line| Off Air| Games
Generic placeholder image

Mar
1

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

391 Views


නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉහත කටයුතු සඳහා මෙතෙක් පනවා තිබූ සිමා ඉවත් කරමින් නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ගවලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

සති පොලවල් ඇතුළු විවෘත වෙළෙඳාම් සහ ජංගම වෙළෙඳාම් කටයුතු සිදුකිරීමේ දී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුගතව කටයුතු කළ යුතු වේ.

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් සීයයට 75ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post