News Line| Off Air
Generic placeholder image

Mar
3

ශ්‍රී ලාංකිකයන් 32ක් යුක්‍රේනයෙන් ඉවතට

742 Views


ශ්‍රී ලාංකිකයන් 32ක් යුක්‍රේනයෙන් ඉවතට

අන්කාරා, වෝර්සෝ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන්යුක්‍රේනයේ සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පහසුකම් සපයයි

යුක්‍රේනයේ සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරයි.

යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු යුක්‍රේනයෙන් පිටත්ව ගිය අතර, එතැන් සිට විදේශ අමාත්‍යංශය අන්කාරා සහ වෝර්සෝ හි පිහිටි විදේශ දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් පෝලන්ත දේශසීමාව හරහා තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු යුක්‍රේනයෙන් ඉවත් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇත.

පෝලන්තය හරහා මෙරටට පැමිණීම සඳහා පෝලන්ත දේශසීමාව වෙත ළඟා වන යුක්‍රේනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් පහත සඳහන් ක්ෂණික දුරකතන අංක ඔස්සේ වෝර්සෝ හෝ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


News Articles
Latest Videos
Most Popular Post