News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

පළාත් කිහිපයකට වැසි

481 Views


පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිගබෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (03) උදෑසන 05.30 වන විට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 470 ක් ගිනිකොණ දෙසින් (5.3N, 84.0E) ස්ථානගතව පැවතුනි.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 ක කාලය තුල තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ඉදිරි පැය 48 ක කාලය තුල ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතයි අපේක්ෂා කෙරේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹසහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post