News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

පළාත් කිහිපයකට වැසි

466 Views


පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මාර්තු මස 04 දින රාත්‍රී 11.30 වන විටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 220 ක් ඊසාන දෙසින් (10.3N, 82.6E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළටආසන්නයෙන් වයඹ දෙසට බරව ගමන් කර, ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළදෙසට ගමන් කරනු ඇතයි අපේක්ෂා කෙරේ.

උතුරු සහඋතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.

ඌව පළාතෙත් රත්නපුර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදේ කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post