News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

495 Views


ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයාට හැකි වන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය (World Consumer Rights Day) සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබනවා.

මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ සාධාරණ ඩිජිටල් මූල්‍යයි.

පාරිභෝගිකයා යනු, භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස සරළව හැදින් විය හැකි වුවද නීතියේ අර්ථකථනයට අනුව ‘’වෙළෙන්දන් විසින් හෝ නිෂ්පාදකයෙකු විසින් හෝ මිලක් ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිතා කරන්නෙකු හෝ භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා’’ ලෙස පුළුල්ව හදුන්වනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post