News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

සුවසැරිය ගැන ඉන්දීය විදේශ ඇමති සතුටු වෙයි

771 Views


සුවසැරිය ගැන ඉන්දීය විදේශ ඇමති සතුටු වෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (29) නිරත විය.

මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා සතුට පළ කළේය.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගැනීමට ඉන්දියාවට දායක වීමට හැකි වීම පිළිබඳව ඉන්දියාව ආඩම්බර වන බව එහිදී ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post