News Line| Off Air| Games
Generic placeholder image

Apr
7

ජනාධිපතිවරයා විසින් විශේෂ උපදේශක කණ්ඩායමක් පත්කරයි

522 Views


ජනාධිපතිවරයා විසින් විශේෂ උපදේශක කණ්ඩායමක් පත්කරයි

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතා කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර ඇත.

1- ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා

2- ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතා
3- ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය

එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති. ජනාධිපතිතුමා හමු වූ එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කෙරිණ.


News Articles
Latest Videos
Most Popular Post