News Line| Off Air| Games
Generic placeholder image

Apr
7

මහජන උද්ඝෝෂණ සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

429 Views


මහජන උද්ඝෝෂණ සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත.

පසුගිය දින වල පැවැති මෙවැනි මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි අතරතුර පැනනැගුණු නොසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් හේතුවෙන් විවිධ පාර්ශවයන් හට පීඩා සිදුවිය.

එබැවින් එවැනි අවස්ථාවන් සඳහා ළමුන් සහභාගිකර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතී.

1991 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා එහි පාර්ශවකරුවෙකු බවට පත්ව ඇති අතර එම ප්‍රඥප්තියේ 3වන වගන්තිය මගින් දක්වා ඇත්තේ දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන් ළමයින්ගේ ආරක්ෂාව තහවුරුකොට ඔවුන්ගේ උපරිම යහපත සැලසීමට බැඳී සිටින බවයි. එම නිසා, ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සියළුම පාර්ශවයන්ගේ වගකීමක් ලෙස සලකා මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


News Articles
Latest Videos
Most Popular Post