News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

ජලාශ රැසක ජල මට්ටම ඉහළට

790 Views


ජලාශ රැසක ජල මට්ටම ඉහළට

මේ වනවිට පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ. ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි තුන බැඟින් විවෘත කර තිබේ. මඩකළපුව දිස්ත්‍රික්කයේ උන්හිච්චි ජලාශයේ වාන් දොරටුවක් අඩියක ප්‍රමාණයකින් විවෘත කර තිබෙන බවද අධ්‍යක්ෂවරයා පවසයි.

මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතින අතර මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රී පාද නල්ලතන්න, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතී.


News Articles
Latest Videos
Most Popular Post