News Line| Off Air
Generic placeholder image

Apr
22

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

717 Views


දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වලද, මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post