News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

මිලියන 20 කට ආසන්න මත් පෙති තොගයක් අත්අඩංගුවට

540 Views


මිලියන 20 කට ආසන්න මත් පෙති තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 9 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී .

මෙම පාර්සල් ජර්මනිය හා නෙදර්ලන්තයේ සිට කොළඹ, මහියංගණය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි .

පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී .

විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 1985 ක් සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 20 කට ආසන්න බව තහවුරු කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි.

පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post