News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

දරුවන්ගේ මන්ද පෝෂණය අතින් ලංකාව ආසියාවේ දෙවැනි තැනට – යුනිසෙෆ් කියයි

699 Views


දරුවන්ගේ මන්ද පෝෂණය අතින් ලංකාව ආසියාවේ දෙවැනි තැනට – යුනිසෙෆ් කියයි

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දෙවන තැනට පැමිණ ඇති බවයි.

මේ ලෝකේ තියෙන ලොකුම ගින්දර, බඩේ ගින්දර.

රැයක්, දවාලක් නැතිව අපි හැමෝම වෙහෙසෙන්නේ කාලා, බීලා දෙයියනේ කියලා හිතේ සැනසීමෙන් ජීවත් වෙන්නයි. හැබැයි ලංකාවේ දැන් උද්ගත වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඒ හැමදේම හීනයක් වෙලා.

තුන් වේල තියා එක වේලක්වත් පිරිමහගන්නේ හරි අමාරුවෙන්. ආහාර මිල අහස උසට. එක්දහස් නමසිය හතලිස් අටේ නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වෙද්දි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී අවසන්.

රටට වගකිව යුතු දේශපාලුවන්ගේ දුරදිග බලන්නේ නැති ප්‍රතිපත්ති හින්දා. මේ වෙද්දි අනාගතය බාරගන්න ඉන්න පුංචි එවුන් වන්දි ගෙවනවා.

මේ වෙද්දි ළමා මන්දපෝෂණය අතින් ලංකාව හත්වන ස්ථානයට සහ ආසියානු කලාපයෙන් දෙවන ස්ථානයට පත්ව ඇති බවයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත බිස්මාර්ක් ස්වංගින් ප්‍රකාශ කර සිටියේ.

විදෙස් මාධ්‍යන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බෙස්මාර්ක් ස්වංගින් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මෙම තත්වය වඩාත් දරුණු විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post