News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

දකුණු මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

1004 Views


දකුණු මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post