News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවන බව පවසයි

345 Views


හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවන බව පවසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව දැනුම් දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post