News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

හෙට සිට නෙළුම් කුලුන විවෘතයි

278 Views


හෙට සිට නෙළුම් කුලුන විවෘතයි

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමට අදාළ යෝජනාව කරළියට එන්නේ දෙදහස් අට වසරේදී. නමුත් වසර හතරකට පසුවයි එහි ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ වුණේ. නෙළුම් කුලුනේ උස මීටර් තුන්සිය පනස් හයක් වන අතර එය ලෝකයේ උසම කුලුනු අතර දහනම වන ස්ථානයේ පවතින්නේ.

Lotus Tower to open on 15th Sept : Ticket prices announced - NewsWire

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතරක්.

ආරම්භයේදී වූ ඉදිකිරීම් 2017 වසරේදී නතර කළා. නමුත් එය 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවෘත කළේ ඉදිකිරීම් අවසන් කිරීමටත් පෙරයි. මේ මේ වන විට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම යටතේ පවතින අතර, පසුගිය පෙබරවාරි 28 වනදා නිල වශයෙන් ලක් රජයට භාරදෙනු ලැබුවේ.

ශ්‍රී ලංකාවේ වේගවත්ම විදුලි සෝපානයට හිමිකම් කියන්නේද, නෙළුම් කුලුනේ ඇති විදුලි සෝපානයි. 29වන මහල දක්වා විදුලි සෝපානයෙන් ගමන් කළ හැකි අතර, කොළඹ නගරයේ සුන්දරත්වය එම ස්ථානයේ සිට නැරඹිය හැකියි.

මේ වන විට නෙළුම් කුලුනේ ආයෝජන සඳහා දෙස් විදෙස් සමාගම් රැසක් සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

උත්සව ශාලා, කඩසාප්පු, ව්‍යාපාරික මධ්‍යස්ථානවලින් නෙළුම් කුලුන සමන්විතයි.

මේ නෙළුම් කුලුන තවත් විශේෂ ස්ථානයක් ලෙස කැරකෙන අවන්හල පෙන්වා දිය හැකියි. මිනිත්තු අනූවක් තුල කැරකෙන ආකාරයට තමයි මේ අවන්හල ඉදි කරලා තියෙන්නේ. එකවරකට දෙසිය පනහකට වැනි පිරිසකට මෙම ස්ථානයේ ආහාර ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

තවමත් සුදු අලියෙක් වූ නෙළුම් කුළුණ

විවිධ ක්‍රියාකාරකම් සඳහායි විවෘත මහල වෙන්කර ඇත්තේ.

පහළොස් වනදා සිට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නෙලුම් කුලුනේ ඉහළටම ගොස් කොළඹ නගරයේ සුන්දරත්වය නැරඹීමට ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post