News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

723 Views


විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ.

බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post