ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාර සිදුකරන බව සඳහන්ය.