News Line| Off Air| Games
Generic placeholder image

Sep
29

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 217 වන දිනයයි

298 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 217 වන දිනයයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 7 වන මාසයයි. මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධානම මාතෘකාව වන්නේ නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ පද්ධතියේ කන්දුවයි.

පසුගියදා බෝල්ටික් මුහුදේ ඇති නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ මාර්ගයේ ගෑස් කාන්දුවක් සිදුවුණා.

රුසියාව පවසන්නේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

නොර්ඩ් ස්ට්‍රීම් ගෑස් නළ පද්ධතියේ කාන්දුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට රුසියාව සැලසුම් කර තිබෙනවා.

මේ වන විට ගෑස් කාන්දු වූ ස්ථානය අවට නිරීක්ෂණය කිරීම සඳහා විමර්ශන කණ්ඩායම්ද යොදවා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් එක්සත් ජනපදය පවසන්නේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න නිගමනයට තවම ඉක්මන් වැඩි බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් සහ සෙලෙන්ස්කි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

එහිදී ලීස් ට්‍රස් සෙලෙන්ස්කිට සිය ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.

යුක්‍රේන භුමියේ යම් කොටසක් හෝ අල්ලා ගැනීමට රුසියාව දරන කිසිදු උත්සාහයක් ඉවසන්නේ නැති බව සෙලෙන්ස්කි ඊයේ සිය සවස දේශනයේදී පැවසුවා.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකා කරින් ජින් පවසන්නේ රුසියාව පැවැත්වූ ව්‍යාජ ජනමත විචාරණය නීති විරෝධී බවයි. එසේම රුසියාවේ මතය කුමක් වුවත් එම ප්‍රදේශ යුක්‍රේන භූමියටම අයිති බවයි ඇය පැවසුවේ.

මෙම ජනමත විචාරණය හෙලා දකින බව සර්බියානු ජනපතිද පවසා තිබෙනවා.

මේ අතර පුටින්ගේ හමුදා බලමුළු ගැන්වීමේ නියෝගය නිසා මේ වන විට රුසියාවේ 250,000ක් පමණ පුද්ගලයින් රට හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනපදය යුක්‍රේනයට අමතර ඩොලර් බිලියන 1.1 ක ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post