News Line| Off Air
Generic placeholder image

Oct
6

ශ්‍රී ලංකාව අද ලෝක ගුරු දිනය සමරයි

665 Views


ශ්‍රී ලංකාව අද ලෝක ගුරු දිනය සමරයි

ජාත්‍යන්තර ගුරු දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව අපේ රට අද දිනයේ ජාතික ගුරු දිනය සමරනු ලබනවා. ලෝක ප්‍රසිද්ධ ඇල්බට් අයින්ස්ටයින් පවසන පරිදි ගුරුවරයා යනු නිර්මාණශීලී බව සහ දැනුම අවදි කරන්නායි. අප සියලු දෙනාම ඇලපිලි ඉස්පිලි රටාවකට ලියන්නට හුරු උනේ ගුරුවරුන් නිසා බව සැබෑවක්.

සංකීර්ණ සමාජ වටපිටාවක් තුල, පාසල තුල දරුවන්ගේ දැනුම මෙන්ම ආකල්ප වර්ධනයට ආදරණීය ගුරුවරුන් ගන්නා වෙහෙස අපමණයි. පසුගිය කාල වකවානුවේ අපේ රටේ දෙවිවරුන් වැනි ගුරුවරුන් ගැන බොහෝ පුවත් කරලියට පැමිණියා. බඩගින්නේ පාසලට එන දරුවන්ගේ ඒ ගින්න නිවන්නට තමන්ට හැකි අයුරින් කටයුතු කරන ගුරුවරුන් ඇත්තෙන්ම අගය කළ යුතුයි. මාසික වේතනයට සීමා නොවී රාජකාරිය දේවකාරියක් කරගත් අපේ රටේ ආදරණීය ගුරුවරුන් රටට සැබෑම සම්පතක්.


News Articles
Latest Videos
Most Popular Post