News Line| Off Air
Generic placeholder image

Oct
7

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට

506 Views


මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහෙන කදවුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.සේනාධිීරගේ මෙහෙයවීම යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.06 වන දින මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් එකම පවුලේ 51 හැවිරිදි වියේ පියා සහ 23, 24 වයසේ පසුවූ පුතුන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීමෙිදි තවත් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සිවුදෙනා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ෂණ කටයුතු සිදුකරයි.

මියගිය පුද්ගලයන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇපමත මුදාහැර සිටි බවට වැඩිදුර විමර්ෂණ කටයුතු වලදී තහවුරු වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post