News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 225 යි

192 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 225 යි

යුක්‍රේන ජනාධිපති සෙලන්ස්ටි ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය අමතා තිබෙනවා. ලෝවි ආයතනය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම චින්තන මධ්‍යස්ථානයයි. මෙහිදී සෙලන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේනය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය දුර්වල නම් රුසියාව තවත් ඉදිරි පියවර සමඟින් ශක්තිමත් වනු ඇති බවයි. එම නිසා උපරිම ශක්තිය පෙන්වන ලෙස සෙලෙන්ස්කි වීඩියෝ සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. මෙය ලෝක යුද්ධයක් සඳහා කැඳවීමක් බවයි ක්‍රෙම්ලිනය චෝදනා කරන්නේ. රුසියානු මාධ්‍ය ප්‍රකාශ මාරියා සකරෝවා පවසන්නේ යුද්ධයකදී කිසි විටෙකත් න් යෂ්ටික අවි භාවිතා නොකළ යුතු බවට රුසියාව පිළිගන්නා බවයි.

නමුත් මීට පෙර පුටින් ජාතිය අමතා කියා සිටියේ රුසියාව සතුව විවිධ විනාශකාරී ආයුධ ඇති බවත් යුද්ධයේ ජයග්‍රහණය සඳහා ඒ සියලු ක්‍රම භාවිත කරන බවයි. එසේ ම රුසියාවට එරෙහි ඕනෑම ප්‍රහාරයක් න්‍යෂ්ටික යුද්ධයක් කරා ගෙන යා හැකි බවට පුටින් බටහිරට අනතුරු ඇඟවුවා. මේ අතර නොට් ස්ක්‍රීම්, ගෑස් නළ මාර්ගවල හානි සිදුවී ඇත්තේ, පිපිරීමකින් බව ස්වීඩන් ආරක්ෂක සේවය පවසනවා. ඔවුන් පවසන්නේ මූලික විමර්ශනවලින් එය තහවුරු වූ බවයි.

යුක්‍රේන හමුදා කර්කිවූ ප්‍රදේශයේ ජනාවාස අනූ තුනක් ආපසු අල්ලා ගැනීමට සමත් වූ බවයි වාර්තා වන්නේ. මේ අතර නොර්වේ රජය පවසන්නේ සිය වරායන්වලට රුසියානු ධීවර යාත්‍රා ඇතුල්වීම සීමා කරන බවයි.

කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැලකෙන ගෑස් නළ කාන්දු වීම් හේතුවෙන් මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ. රුසියානු ටෝලර් යාත්‍රාවලට දැන් ඇතුළුවිය හැක්කේ වරායන් තුනකට පමණක් බව නොර්වේ විදේශ අමාත්‍ය හයිටිෆෙල්ඩ් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post