News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

ඕස්ට්‍රේලියාවේ ලාංකීය මහාචාර්යවරයෙකුගෙන් අපූරු නිර්මාණයක්

311 Views


ඕස්ට්‍රේලියාවේ ලාංකීය මහාචාර්යවරයෙකුගෙන් අපූරු නිර්මාණයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයෙකු වන උදන්ත අබේරත්න මහතාගේ මුලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කල කොවිඩ් 19 හඳුනාගැනීමේ ස්මාර්ට් යෙදවුම මිලදී ගැනීමට එක්සත් ජනපදයේ pfizer සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 179 ක මුදලකට එම වැඩසටහන මිලදී ගැනීමට pfizer සමාගම කටයුතු යොදා තිබේ.

මෙම දුරකථන යෙදවුම හරහා ඔනෑම පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් අනතුරුව ඔහු කොවිඩ් අසදිතයෙකු දැයි නිශ්චය කරගත හැකි බව නිර්මාණකරුවෝ පවසති.

මෙම මුලික වැඩසටහන පසුව ඕස්ට්‍රේලියාවේ ”Resapp Health Limited” සමාගම මගින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව මෙලෙස pfizer සමාගම සමඟ වූ ගණුදෙනුව වෙත යොමුව තිබේ.

මෙහිදී එම යෙදවුම පිලිබඳ සිදුකල පරික්ෂාවේදී එම රෝග ලක්ෂණ සහිත රෝගීන් තුළ කොවිඩ් 19 වෛරසය පවතින බවට හඳුනාගැනීම 92% ක් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post