රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 231 වන දිනයයි.
රුසියාව, යුක්‍රේනයේ කොටස් නීති විරෝධී ලෙස ඈදා ගැනීමට දරන උත්සාහය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබෙනවා.
එසේම, යුක්‍රේනයේ ස්වාධීනත්වය සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිය සාමාජිකයින් අතර ඡන්දයක් පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
පුටින් හෙට කසකස්ථානයේදී තුර්කි ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව තිබෙනවා.
එසේම යුක්‍රේනන විදේශ අමාත්‍යවරයා, නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයාව හමුවී තිබෙනවා.
මේ අතර සෙලෙන්ස්කි පවසන්නේ ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය වැඩි කිරීමෙන් යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
පුටින්ගේ දෙමාපියන්ගේ සොහොන මත සටහනක් තැබූ රුසියානු කාන්තාවකට වසර 05 ක සිර දඬුවමක් ලැබී තිබෙනවා.
විනාඩි 18 ක් තුළ රුසියානු හෙලිකොප්ටර් යානා 04 ක් බිම හෙලූ බවයි යුක්‍රේනය පවසන්නේ.