News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 232 යි

221 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 232 යි

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 232 යි.

රුසියානු හමුදා යුක්‍රේනයට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළහොත් රුසියාව විනාශ කරන බව යුරෝපා සංගමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසප් බොරෙල් පවසනවා.

ඔහු පවසන්නේ එසේ වුවහොත් රුසියානු හමුදා සමුලඝාතනය වනු ඇති බවයි. යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම රුසියාවට දරුණු ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි නේටෝ මහලේකම් ජේනස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා.

එසේම න්‍යෂ්ටික යුද්ධයක් කිසිදා ජයගත නොහැකි යන්න රුසියාව දන්නා බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

කෙසේ නමුත් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ යුක්‍රේනයේ රුසියානු මෙහෙයුම්වල ඉලක්ක වෙනස් වී නැති බවයි.

එම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සාකච්ඡාවලට සුදානම් බවයි ඔහු පවසන්නේ.

මේ අතර රුසියාව ඊයේ යුක්රේනයේ මයිකොලොව් නගරයට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ඉන් මහල් 5කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් විනාශ වූ බවයි වාර්තා වන්නේ.

එසේම පසුවූ සතිය පුරාවට යුක්‍රේනයට එල්ල වූ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ නඩු විභාග ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතිය පුර මිසයිල ප්‍රහාර 112කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් මේ වන විට 17 දෙනකු මිය ගොස් ඇති බවද වාර්තා වනවා.

මේ අතර ඉරාන ඩ්‍රෝන යානා රුසියාවට විකුණා ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පවසනවා.

එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ලෝක බලවතුන් අතර 2015 දී අනුමත කල ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි ප්‍රංශ විදේශඅමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර රුසියා යුක්‍රේන යුද්ධයට එරෙහි විරෝධතාවක් නේටෝ මුලස්ථානය ඉදිරිපිට පවත්වා තිබෙනවා.

ඒ නේටෝ ආරක්ෂක ඇමතිවරු යුක්‍රේනයේ අර්බුද පිලිබඳ දෙවන දින සකච්ඡා සඳහා බ්‍රසල් හිදී රැස්වූ අවස්ථාවේදී.

සමහර විරෝධතාකරුවන් යුක්‍රේන ධජය ශරීරය වටා ඔතාගෙන සිටි අතර සමහරුන් පුටින්ට එරෙහිව ලියූ පුවරු අතැතිව සිටියා.

මේ අතර පුටින් ඊයේ පලස්තීන නායක අබිබාස් සහ තුර්කි ජනාධිපතිවරයාට හමුවී තිබෙනවා. ඒ කසකස්ථානයේ පවතී සමුළුවකට එක්වූ අවස්ථාවේදී.


News Articles
Latest Videos
Most Popular Post