News Line| Off Air
Generic placeholder image

Oct
31

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 248 යි

410 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 248 යි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 248 වන දිනයයි.

නොර්ඩ් ස්ට්‍රීම් ගෑස් නළ මාර්ග හානියට එක්සත් රාජධානියේ නාවික හමුදාව සම්බන්ධ බව රුසියාව පවසනවා.

නමුත් එක්සත් රාජධානිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

එසේම රුසියාව ලුහාන්ස්ක් ප්‍රදේශයේ ක්‍රස්නා පාලම පුපුරුවා හැර තිබෙනවා.

මේ අතර යුක්‍රේන ධාන්‍ය අපනයනය ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණය පිලිබඳ නැවත සලකා බලන ලෙස නේටෝ ප්‍රකාශකයෙකු රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

එම අත්හිටුවීම නිසා මේ වන විට යුක්‍රේනයේ ධාන්‍ය නැව් 218ක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව සමඟ නැවත සකච්ඡා කල බවයි තුර්කිය පවසන්නේ.

මේ අතර යුක්‍රේන ජනපතිගේ බිරිඳ ඔලේනා සෙලෙන්ස්කා චෙක් ජනරජයේ පැවති විරෝධතා රැළියක් අමතා තිබෙනවා.

එහිදී ඇය යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ බවයි වාර්තා කරන්නේ.

ගත වූ පැය 24 තුළ යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව ප්‍රහාර 24ක් එල්ල කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post