News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

679 Views


ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ.

එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇත.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවෙයි.


News Articles
Latest Videos
Most Popular Post