News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
9

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 257 යි

473 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 257 යි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 257 වන දිනයයි.

මෙම ගැටුම දිනෙන් දින තිව්‍ර වෙමින් පවතිනවා.

රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාවේ යම්කිසි පසුබෑමක් යුධ භූමිය තුළ දැකගන්නට පුළුවන්.

මේ වන විට කියෙව්හි බලයද යුක්‍රේන හමුදා අතින් ගිලිහෙමින් තිබෙනවා.

කුමන රටක යුද්ධයක් පැවතුණද අවසානයේ ඉන් පීඩා විදින්නේ එරට ජනතාවයි.

රුසියා යුක්‍රේන යුධ ගැටුමත් එලෙසමයි.

රුසියානු ප්‍රහාර හමුවේ මිලියන 2කට වැඩි ජනතාවකට මේ වන විටත් ගෑස්, ජලය හා විදුලිය නැහැ.

එසේම යුක්‍රේනයේ ඇතැම් ප්‍රදේශයන්හි තවමත් දරුණු සටන් පවතිනවා.

නමුත් තම හමුදා ඉදිරියට ඇදෙමින් සතුරාට අඛන්ඩව පහර දෙන බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

තම භූමියෙන් සෙන්ටිමිටරයක් හෝ රුසියාවට ලබා දෙන්න තමා සූදානම් නැති බවද සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම ගැටුම් ආරම්භ වීමට යුක්‍රේන ජනාධිපතිගේ බටහිර ලැදි භාවයද එක හේතුවක් විය.


News Articles
Latest Videos
Most Popular Post