News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

වැසි තත්ත්වයේ වෙනසක්

508 Views


වැසි තත්ත්වයේ වෙනසක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇත

නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුවසහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාරුණිකවඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post