රුසියාව යුක්රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 262 වන දිනයයි.
යුක්රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශය මේ වන විට අපායක මුහුණුවරක් ගෙන ඇති බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා.
මේ අතර රුසියානු ජනපති වැලැදිමීර් පුටින් ඉරානය සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
පුටින් ඉරාන ජනාධිපති Ebrahim Raisi සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එහිදී යුද්ධය අතරතුර ආර්ථික, දේශපාලන හා වෙරළ සබඳතා වැඩි දියුණු කිරීමටයි Ebrahim පුටින්ට පොරොන්දු වී ඇත්තේ.
මේ අතර රුසියානු පාසල්වල දරුවන් සඳහා සෝවියට් යුගයේ පැවති හමුදා පුහුණුව නැවත ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුසියානු පාසල්වලට හමුදා පුහුණුව යළි හඳුන්වා දීමට නියමිත බවයි එක්සත් රාජධානියේ බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.
රුසියා යුක්රේන ආක්‍රමණය තිව්‍රව පවතින අවස්ථාවක බ්‍රිතාන්‍ය සිය මියගිය සෙබලුන් සිහි කිරීමේ අනුස්මරණ උත්සවයක් පවත්වා තිබෙනවා.
ඒ බ්‍රිතානයේ 3 වන චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පෙරවරු 11 ට ආරම්භ කර ඇති අතර එහිදී බිග් බෙන් ඔරලෝසුව 11 වතාවක් නාදවිම විශේෂත්වයක් වනවා.