News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
15

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය අදට දින 263 යි

462 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය අදට දින 263 යි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 263 වන දිනයයි.’

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඊයේ දින කේසන්හි සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී සෙලෙන්ස්කිට කේසන් වැසියන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

සෙලෙන්ස්කි මෙහිදී පැවසුවේ කේසන් වෙතින් රුසියානු හමුදාව ඉවත්වීම මෙම යුද්ධයේ අවසානයේ ඇරඹුම බවයි.

සෙලෙන්ස්කි කේසන් වෙත පැමිණීමෙන් පසු ඊට ආසන්න ප්‍රදේශවලින් ෂෙල් වෙඩි ප්‍රහාර ඇසුණු බව යුක්‍රේනය පවසනවා.

එසේම නගරය තවමත් අනතුරේ ඇති බවත් රුසියානු සොල්දාදුවන් සැඟවී සිටිය හැකි බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

මෙලෙස නිදහස ලබාගත් කේසන්හි පතලක පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post