විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තුව සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා තිබේ.
සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රුපියල් 3,500ක්ව පැවති ගාස්තුව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම නිකුත් කොට වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍රයක් යළි ලබා ගැනීමේ දී අය කරනු ලැබු රුපියල් 11,500ක්ව පැවති දඩ මුදල රුපියල් 20,000 දක්වාත් නිකුත් කොට වසරකට වැඩි කාලයක් තුළ නැති වු ගමන් බලපත්‍ර වෙනුවෙන් අයකරනු ලැබු රුපියල් 11,500ක් වු දඩ මුදල රුපියල් 15,000 දක්වාත් ඉහළ දමා තිබේ.