යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින 265 යි.
යුද්ධය තුළ ගැටුම් පවතින්නේ යුක්රේනය තුළ පමණක් වුවද මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කරාවිද යන්න නිශ්චිතව කිව නොහැකියි.
ඊයේ පෝලන්ත ගම්මානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා.
ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකුට ජීවිත අහිමි වූ අතර සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.
නේටෝ සාමාජික පෝලන්තයට ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළවෙමින් තිබෙනවා.
මුලින්ම එහි චෝදනාව එල්ල වූයේ රුසියාවටයි.
නමුත් මේ වන විට එය යුක්රේන ගුවන් ආරක්ෂණ මිසයිලයක් බවට වාර්තා වනවා.
ඒ පිළිබඳව නේටෝ මහලේකම් ජෙනස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා.
කෙසේ නමුත් එම ප්‍රහාරයේ වගකීම රුසියාව දැරිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම ප්‍රහාරය සිදුවූ ස්ථානයට ප්‍රවේශ වීමට අවශ්‍ය බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.
මේ අතර සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එසේම චෙක් ජනරජය 2023 දී යුක්රේන භටයින් 4000ක් පුහුණු කිරීමට සූදානම් වනවා.