News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 271 යි

407 Views


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 271 යි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 271 යි. මෙම ගැටුම තවත් දීර්ඝ කාලයක් පවතින බවට මේ වන විටටැහැ විවිධ මත පලවෙමින් තිබෙනවා.

රුසියා යුක්‍රේන යුධ ගැටුම ඉක්මනින් අවසන් වන්නේ නැති බවට ඉඟි මේ වන විටත් පලවෙමින් තිබෙනවා.

ඒ රුසියාව දෙවන වරටත් හමුදා බලමුළු ගැන්වීමට කටයුතු කිරීමත් සමඟයි.

මෙය ලක්ෂ 7ක හමුදා බලමුළු ගැන්වීමක් වනවා.

එසේ වුවහොත් දෙරට අතර ඇති යුධ ගැටුම දීර්ඝ කාලයක් පවතිනු ඇති.

මේ අතර රුසියානු ප්‍රකාශක, දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ යුක්‍රේනයේ රජය වෙනස් කිරීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ නැති බවයි.

ජනාධිපති පුටින් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බව, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර රුසියාව භාවිතා කල ඉරාන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුක්‍රේන හා ඉරාන බලධාරීන් අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී යුක්‍රේනය ඉරානයට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post