News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා ප්‍රංශ විලකින්

777 Views


ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා ප්‍රංශ විලකින්

ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා.

“කැරට්” ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ෂැම්පේන් හි බ්ලූවෝටර් විල වෙතට මුදා හැර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරයි.

එතැන් පටන් අවස්ථා කිහිපයක දී පමණක් කැරට් දර්ශනය වූ බව එම විල අවට විනෝදාස්වාදය සඳහා මත්ස්‍යින් අල්ලන විනෝදකාමී පවසනවා.

කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළදී කැරට් කිසිදු මසුන් අල්ලන්නකුගේ ඇමට හසු වී නැහැ.

කිලෝග්‍රෑම් 30ක් බරැති ලෙදර් කාප්-කෝයි දෙමුහුන් වර්ගයේ මෙම මත්ස්‍යයා සිය ඇමට හසුකරගැනීමට වාසනාවන්ත වූයේ ඇන්ඩි හැකට් නැමති 42 හැවිරිදි මසුන් අල්ලන්නෙක්.

මෙතෙක් අල්ලා ගන්නා ලද දෙවන විශාලතම මත්ස්‍යයා ලෙසින්.

42 හැවිරිදි හැකට් කැරට් ව නැවත වතුරට මුදා හැරීමට පෙර ඡායාරූප කිහිපයකටත් පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post