News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

දිවයින පුරා පැතිරයමින් පවතින වෛරස් රෝගයක් ගැන දැනුම්දීමක්

715 Views


දිවයින පුරා පැතිරයමින් පවතින වෛරස් රෝගයක් ගැන දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සාවලට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් කොවිඩ් රෝගය හා සැසදීමේදී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදුවන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ යුතු බවයි වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේ.


News Articles
Latest Videos
Most Popular Post