News Line| Off Air| Games
Generic placeholder image

Dec
1

ලෝක ඒඩ්ස් දිනය අද

418 Views


ලෝක ඒඩ්ස් දිනය අද

1980 දශකයේ එච් අයි වී ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමෙන් පසු 1988 වසරේ පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් ලෝක ඒඩ්ස් දිනය ලෙස සෑම වසරකම දෙසැම්බර් පළමුවෙනිදා නම්කර ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වනුයේ එච් අයි වී ආසාදිතයන් සහ එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දිනාගැනීම සහ එච් අයි වී ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සදහා සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන සහ අන්තර්ජාතික වශයෙන් සියලුම පාර්ශවකරුවන් එක්තැන් කරගනිමින් ඔවුන්ට සහයෝගය ලබාදීමයි.

සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය කිසියම් තේමාවක් මුල්කරගෙන සමරනු ලබන අතර මෙම වසරේ එනම් 2022 වසරේ එහි තේමාව වනුයේ සමානාත්මතාවය සුරකිමු යන්නයි.

මින් අදහස් කරන්නේ එච් අයි වී ආසාදිතයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් අධි අවදානම් ඕනෑම කණ්ඩායමකට සමානව සලකමු, ඔවුන්ගේ සමානාත්මතාවය සුරකිමු, රටේ පුද්ගලයින් රජයෙන් ලබන්නාවූ සියලුම ප්‍රතිලාභ සහ සියලුම අවශ්‍යතා එලෙසම ලැබිය යුතුයි යන්නයි.

2022 වසරේ ශ්‍රී ලංකාවේ සමානාත්මතාවය සුරකිමු තේමා පාඨය යටතේ ලෝක ඒඩ්ස් දිනය සමරන අතර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර ඇත.

එච් අයි වී හෝ ලිංගාශ්‍රිත රෝගවලින් පෙලෙන්නන් තවමත් සමාජයේ කොන්වීමට ලක්වෙයි. එමෙන්ම ඔවුන් ප්‍රතිකාර ලබාගැනීමේදී පවා ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් කරුණු පැවසීමට මැළි කමක් දක්වයි. දැනට ලංකාව පුරා ලිංගාශ්‍රිත සායන 42ක් පවතී. එමගින් නොමිලේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව සියලුම සේවාවන් සපයයි. ලිංගාශ්‍රිත රෝග සදහා ප්‍රතිකාර ලබාදෙන සායනවලම සායන 30කින් පමණ එච් අයි වී සදහාද ප්‍රතිකාර ලබාදෙයි. මෙම සායන වලින් ප්‍රතිකාර ලබාගන්නන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවය පිළිබද කිසිදු තොරතුරක් එළි නොවන අයුරින් රහස්‍යභාවය සුරකිමින් මෙහිදී ප්‍රතිකාර ලබාදෙයි.

එච් අයිවී ආසාදනය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වන්නේ ප්‍රධාන ක්‍රම 03ක් මගිනි. එනම් අනාරක්ෂිත ලිංගික සබදතා, මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සහ එච් අයි වී රෝගියෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගතවීම ආදිය මගිනි.

එච් අයි වී සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොවන අතරම එච් අයි වී ආසාදිත පුද්ගලයෙකු නිවැරදිව ප්‍රතිකාර ලබාගන්නේ නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මරණය දක්වා ජීවත් වීමේ හැකියාවක් පවතී.


News Articles
Latest Videos
Most Popular Post