News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට

1135 Views


ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට

මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් නව ලෝක රූ රැජිණ ලෙස තායිලන්තයේදී කිරුළු පැළඳ තිබෙනවා. සිකුරාදා (නොවැම්බර් 21) ඇය මෙම කිරුළ දිනා ගත්තේ, දැඩි ආන්දෝලනවලින් පිරුණු තරග සමයක අවසානය සනිටුහන් කරමිනුයි.

දැන් 25 හැවිරිදි වන ඇය, නොවැම්බර් මස මුලදී පැවති තරග ඉසව්වකින් ඉවත්ව ගියේ, නිලධාරියෙකු විසින් තරඟකාරියන් දුසිම් ගණනක් ඉදිරියේ ප්‍රසිද්ධියේ ඇයට බැණ වැදී, ඇයට සහය දුන් අයවද තරගයෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීමෙන් පසුවයි.

සතියකට පසු විනිශ්චයකරුවන් දෙදෙනෙකු ඉල්ලා අස් වූ අතර, ඔවුන්ගෙන් එක් අයෙක් සංවිධායකයින්ට තරඟය වංචනිකව මෙහෙයවීමට චෝදනා කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද ලෝක රූ රැජිණ තරඟය, ලොව දීර්ඝතම රූ රැජිණ තරග අතරින් එකකි. විශ්ලේෂකයින් පවසන්නේ, මෑතකාලීන මතභේද, මෙම තරගයේ තායි සහ මෙක්සිකානු හිමිකරුවන් අතර පවතින සංස්කෘතික හා උපාය මාර්ගික වෙනස්කම් ඉස්මතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post