News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

අවයව බද්ධ කළ බව කියෙන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

455 Views


අවයව බද්ධ කළ බව කියෙන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කර ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සදහා ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශණ නිලධාරීයෙකු පත්කර ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශණයක් සිදු කිරීමට මසක පමණ කාලයක් ගත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.


News Articles
Latest Videos
Most Popular Post