News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක්

383 Views


බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක්

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද  (06) වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිතදිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 8 වැනිදා වන විට තමිල්ණාඩු වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම පද්ධතියේ බලපෑමෙන් දෙසැම්බර් 07 සහ 08 යන දිනවලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

අද දිනයේදී නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දන්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post