News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

696 Views


තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

එය අද (08) උදෑසන 9.30 සිට හෙට (09) උදෑසන 9.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය අදාළ වේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති “මැන්ඩවුස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසටය ගමන්කර හෙට රාත්‍රී කාලයේ නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුවේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇත.

මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.

උතුරු, උතුරුමැද,නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මි 60 – 70 පමණ තද සුළං ඇති විය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post