News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

ශ්‍රී ලංකා ගුවන් හමුදා භට කණ්ඩායම සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යයි

615 Views


ශ්‍රී ලංකා ගුවන් හමුදා භට කණ්ඩායම සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යයි

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජික පිරිස වෙනුවට අනුයුක්ත කරනු ලබන අනුප‍්‍රාප්තික ගුවන් හමුදා භට කණ්ඩායමේ සාමාජිකයින් 109 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව යන ලදි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුමි සදහා සක‍්‍රිය දායකත්ව ලබා දෙමින් ඩොලර් මිලියන 120 ක පමණ මුදලක් රජයේ භාන්ඩාගාරය වෙත ලබාදිමට ද කටයුතු කර ඇති අතර සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් එරට භට පිරිස් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාරපාන / භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායමි ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂි කාර්යයන් රැසකට සක‍්‍රීය දායකත්වය ලබාදිම සිදුකරනු ලබයි

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා සිටි ඉතා සාර්ථකව සේවය අවසන් කල ගුවන් හමුදා සේවා පුද්ගලයින් 75 දෙනෙකු ද මධ්‍යම අප‍්‍රිකාවේ සිට නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණිම ද මෙහිදි සිදු වු අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සමාජිකයින්හට සුභපැතීමට මෙන්ම පිළිගැනීම සදහා ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් පිරිසක් සහ ගුවන් හමුදා සමාජිකයින්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් පිරිසක් ද ගුවන් තොටුපල පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තන් වෙත පැමිණ සිටින ලදි.


News Articles
Latest Videos
Most Popular Post